හසිනිට සහ හසාරාට දකුණු අප්‍රිකාවේදී රිදී පදක්කම්

විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම්

Other Sports

45

මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකානු විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම් හිමිකර ගැනීමට හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න සමත් වී තිබේ.

කේප් ටවුන්හිදී ඇක්සස් පාක් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති මෙම තරගාවලියේ කාන්තා යුගළ අවසන් මහා තරගයට එක්වූ හසිනි සහ හසාරා දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත්විය. එහිදී යුගළ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාවේ ඇමී ඒකර්මන් සහ ඩයිඩි්‍ර ලෝරෙන්ස් හමුවේ ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙසින් තරග වට 2-0ක පරාජයක් හිමි වීම නිසා හසිනිට සහ හසාරාට රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදු විය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි ත්‍රිත්වයක් සඳහා නොවැම්බර් මාසයේ 14 වැනිදා සිට දෙසැම්බර් 1 වැනිදා දක්වා එක්වූ හසිනි සහ හසාරා එම තරගාවලි ත්‍රිත්වයේදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වීම කැපී පෙනිණි. ඒ අනුව එම තරග සංචාරය තුළ සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දී කාන්තා යුගළ ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් හසිනි සහ හසාරා බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේදී රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙකු එවන් දස්කමක් දැක්වූ පළමු අවස්ථාව සටහන් කරමිනි