පාකිස්තානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ශූරයින්ගේ කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිත දකුණු අප්‍රිකානු සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් අද (13දා) ප්‍රකාශයට පත් කර තිබිණි.
ඊට වේගපන්දු යවන්නන් වන ලුන්ගි ඉඟිඩි සහ ඇන්රිච් නෝජේ එක් කර තිබීම කැපී පෙනෙන සිදුවීමකි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම පසුගිය මාස කිහිපයක් ආබාධයන් හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත කර තිබිණි.
සුපුරුදු පරිදි ටෙම්බා බවූමා මෙවර ශූරයින්ගේ කුසලානයේදී ද දකුණු අප්‍රිකානු සංචිතය මෙහෙයැවීමට නියමිතව තිබේ.
මෙම සංචිතය සඳහා වියාන් මුල්ඩර්, ටෝනි ඩි සෝර්සි සහ රයන් රෙකල්ස්ටන් ද එක්වීමට නියමිතව ඇති අතර ඔවුන් අයි.සී.සී. ප්‍රමුඛ පෙලේ තරගාවලියක් සඳහා එක්වන්නේ පළමු වරටයි.
මෙවර ශූරයින්ගේ කුසලානයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්වන පළමු තරගය ඇෆ්ගනිස්තානය සමඟින් එළැඹෙන පෙබරවාරි මස 21 වැනිදා කරච්චිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
දකුණු අප්‍රිකානු සංචිතය - ටෙම්බා බවූමා (නායක), ටෝනි ඩි සෝර්සි, මාර්කෝ ජැන්සෙන්, හෙන්රිච් ක්ලාසෙන්, කේෂව් මහාරාජ්, එයිඩන් මාර්කම්, ඩේවිඩ් මිලර්, වියාන් මුල්ඩර්, ලුන්ගි ඉන්ගිඩි, ඇන්රිච් නෝජේ, කගීසෝ රබාඩා, රයන් රෙකල්ස්ටන්, තබ්‍රේස් ශම්සි, ත්‍රිස්ටන් ස්ටබ්ස්, රෙසී වැන් ඩර් ඩුසෙන්