හොකී ප්‍රිමියර් ලීග් තරවලිය නවීකරණය කළ ටොරිංටන් පිටියේදී

මේ වන විට නවීකරණය කිරීමට පියවර ගෙන ඇති කොළඹ ටොරිංටන්හී කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ පළමු වරට ප්‍රිමියර් ලීග් හොකී තරගාවලියක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

Other Sports

97

ජාත්‍යන්තර හොකී කෙළි බිම ජය ගත හැකි තත්ත්වයක් මීළඟ පරම්පරාවට දායාද කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කර ඇති  ක්‍රීඩා සමාජාන්තර පිරිමි හොකී ශූරතාවලිය ”‍ශ්‍රී ලංකා ප්‍රිමියර් ලිග් හොකී තරගාවලිය”‍ ලෙස නම් කර තිබේ. ඒ සඳහා තෝරා ගෙන ඇති ‍ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 08 කි. යුද හමුදා ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය,  බී. ආර්. සී. සමාජය, ආදී සේනානායක ක්‍රීඩා සමාජය, සී. ආර්. ඇන්ඩ් එෆ්.සී සමාජය සහ සී. එච්. ඇන්ඩ් එෆ්.සී සමාජය එම කණ්ඩායම් වෙති. 
ජාතික සහ ජාත්‍යන්තර තරග අත්දැකීම් ලාභී මෙරට සිටින ක්‍රීඩකයින් 200 දෙනකු මේ වන විට තෝරා ගෙන ඇති අතර  එම කණ්ඩායම් වලට එක්වීමට ජාත්‍යන්තර හොකී කෙළි බිම ජයගත් විදේශීය ක්‍රීඩකයින් රැසක් ද වෙති. ඒ අතරේ පකිස්තානු ජාතික හොකී කණ්ඩායමට නායකත්වය දී ඇති අමාට් බට්, බංග්ලාදේශ  ජාතික හොකී කණ්ඩායමට නායකත්වය දී ඇති මොහොමඩ් රසල් සහ කොෂදූර් රහමාන් මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ලාභී අබ්දූල් අහඩ් (ඉන්දියාව), ෆහඩ් සෙතුල් (බංග්ලාදේශය), මොහොසින් ජවේඩ් (පකිස්තානය) , ඒ. ඩී. ට්‍රfවින් (දකුණු අප්‍රිකාව) සහ ඉර්ෂාඩ් මිරාෂා (ඉන්දියාව) මෙරට ක්‍රියාත්මක කෙරෙන සමාරම්භක ‍ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්  හොකී තරගාවලියට එක්වීමට කැමැත්ත පළ කර  තිබීම විශේෂත්වයකි. 
එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය හා විදේශීය ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජ අතර ක්‍රියාත්මක කෙරෙන ලීග් තරගාවලිය ආරම්භයේ සිට සිට අවසානය දක්වාම තියුණු හා උණුසුම් මුහුණුවරක් උසුළුණු ඇතැයි අනුමාන කළ හැකිය. ඒ අතරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය දී ඇති ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද වෙති.
මෙවර තරගාවලියට එක්ව ඇති තරග සංඛ්‍යාව 56 කි. ඒ සියළුම තරග කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි නව පොලිටෑන් වර්ගයේ නිල් පැහැ කෘතීම තණ පළසේ දී පැවැත් වීමට පියවර ගෙන තිබේ.