කැරම් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලේ මග ඇහිරෙයි.

6 වැනි ලෝක කුසලාන කැරම් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Other Sports

294

6 වැනි ලෝක කුසලාන කැරම් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබේ.  

කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපද වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප වී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට අදාළ තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වීමේ තත්ත්වක් උද්ගතවී ඇති බව වාර්තා වේ. ඒ අනුව ක්‍රීඩකයින් 4ක් සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වීමට නියමිතව තිබිණි. 

එසේ වුවත් අදාළ කණ්ඩායමේ සාමාජිකයන් 6 දෙනෙකුගේ (ක්‍රීඩකයින් 3ක් සහ ක්‍රීඩිකාවන් 3ක්) ඇමෙරිකානු එක්සත් ජනපද වීසා බලපත්‍ර ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බව දැනගන්නට ඇත. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම සඳහා වීසා බලපත් හිමි වී ඇත්තේ කණ්ඩායමේ කළමණාකරු සහ එක් ක්‍රීඩිකාවකට සහ ක්‍රීඩකයකුට පමණි. 

එසේම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, අවසන් වරට 2018 වසරේ දකුණු කොරියාවේදී පැවැති කැරම් ලෝක කුසලානයේ දී ශූරතාව හිමිකර ගත් අතර කාන්තා කණ්ඩායමට අනු ශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු විය. 

කෙසේ වෙතත් අදාළ තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් අවශ්‍ය ලිපි ලේඛන ලබා දීම ඇතුළු ක්‍රියාවලිය සඳහා ක්‍රීඩාව කරවන බලධාරීන් මේ වන විට සහයෝගය යම් තරමකින් ලබා දී තිබිණි. එසේ වුවත් ක්‍රීඩා අමාත්‍යවරයකු නොමැති වීම හේතුවෙන් වීසා බලපත්‍ර ගැටලුවට මැදිහත් වීමට ක්‍රීඩා බලධාරීන්ට නොහැකි බව දන්වා ඇතැයි ද පැවැසේ. 

6 වැනි කැරම් ලෝක කුසලානය එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා සිට 17 වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබේ.