ඔලිම්පික් මුල් පුටුවට 7 දෙනෙක් සටනක

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වාර්ෂික මහා සැසිවාරය

International Athletics

4

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 144 වැනි වාර්ෂික මහා සැසිවාරය අද (18දා) ග්‍රීසියේ ඇතෑන්ස් නුවර දී ආරම්භ විය. 
එහිදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති තෝමස් බැච් මහතාගේ නිල එළැඹෙන ජූනි මාසයෙන් නිමා වීමට නියමිතව තිබේ.  ඒ අනුව මෙම 144 වැනි මහා සැසිවාරයේදී නව සභාපතිවරයා පත් කර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඔලිම්පික් රන් පදක්කම්ලාභියකු වන තෝමස් බැච් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස වසර 12ක කාලයක් කටයුතු කළේය. 
එසේම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා තනතුර සඳහා 7 දෙනෙකු තරග වැදීමට නියමිතව ඇති බව ද වාර්තා වේ. 
ඒ අනුව 2010 වසරේ සිට ජෝර්දාන ඔලිම්පික් කමිටු සාමාජිකත්වය දැරූ ෆයිසාල් අල් හුසේන් කුමරු, ප්‍රංශයේ ඩේවිඩ් ලැප්රෙටින්ට්, ස්වීඩන ස්කී සම්මේලන සභාපති ජෝන් එලිෂ්, ස්පාඤ්ඤයේ ජුවාන් ඇන්ටෝනියෝ, සිම්බාබ්වේ ඔලිම්පික් කමිටුවේ ක්‍රිස්ටි කොවෙන්ටි්‍ර, බි්‍රතාන්‍ය ඔලිම්පික් කමිටුවේ සාමජිකත්වය දරයි. එ මෙන්ම ලෝක මළල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති ලෝඩ් සෙබස්තියන් සහ ජපානයේ ඔලිම්පික් කමිටු සාමාජික මොරිනාරි වටනාබේ මෙලෙස මීලඟ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිත්ව සටනට පිවිස තිබේ. 
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ක්‍රියාකාරී සාමාජිකයන් 110ක්, ගෞරව සමාජිකයන් 39ක් සසහ ජාතික ඔලිම්පික් කමිටු 206ක් ඇතුළත්ය.