ඕස්ටේ්‍රලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ඊයේ (2දා) නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන මැක්ස්වෙල් සඳහන් කරන්නේ එක්දින පිටියට සමුදුන්න ද ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් විස්සයි-20 තරග සඳහා එක්වීමට තමා අපේක්ෂා කරන බවයි. ඊට අමතරව එළැඹෙන 2026 වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානයට ද එක්වීමට තමන් බලාපොරොත්තු වන බවත් මැක්ස්වෙල් සඳහන් කර තිබිණි.
ඊට අමතරව 2027 එක්දින ලෝක කුසලානය දක්වා දස්කම් දැක්වීමට තමන්ට හැකි වේ දැයි සැක සහිත බැවින් කණ්ඩායමේ තමාගේ ස්ථානය සඳහා නවක ක්‍රීඩකයකු සූදානම් කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් වැඩිදුරටත් මැක්ස්වෙල් සඳහන් කර තිබීම ද විශේෂත්වයකි.
ග්ලේන් මැක්ස්වෙල් ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් එක්දින ක්‍රිකට් තරග 149කට ක්‍රීඩා කරමින් ශතක 4ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 3990ක් රැස්කරගෙන තිබේ. එසේම විස්සයි-20 පිටියේ ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් තරග 116කදී මැක්ස්වෙල් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2664කි. එහිදී ශතක 5ක් සහ අර්ධ ශතක 11ක් ලබා ගැනීමට මැක්ස්වෙල්ට හැකිව තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මැක්ස්වෙල්ට ඕස්ටේ්‍රලියානු කණ්ඩාය නියෝජනය කිරීමට හැකිව ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් තරග 7ක දීපමණි.