වත්තේගම කළාප මලල ක්‍රීඩා තරගාවලිය

සමස්ත ශූරතා වලල ඒ. රත්නායක විදුහලට

School Athletics

1000
වත්තේගම අධ්‍යාපන කළාප මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා නිමාවට පත්වූයේ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය වැඩි ගෞරව හිමිකර දෙමිනි. 
ඒ අනුව දිගන පළාත් ක්‍රීඩා සංකීරණයේදී පැවැති මෙම ක්‍රීඩා උළෙලේ සමස්ත බාලක සහ බාලිකා ශූරතා ද්විත්වයම හිමි වූයේ වලල ඒ. රත්නායක විද්‍යාලයටයි. ඊට සහභාගිවූ පාසැල් සංඛ්‍යාව 87කි. මෙහිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය රජවැල්ල හින්දු ජාතික පාසැලේ එච්. අභිශේක් දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය හිමි වූයේ වලල ඒ. රත්නායක විද්‍යාලයේ ඩී.එන්. රත්නායකටයි. 
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂ සුනිල් ජයවීර මහතා සහභාගි වූ අතර එම අවස්ථාව සඳහා ආසියානු රන් පදක්කම් ලාභී මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න, මධ්‍යම පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතා ද සහභාගි විය. 
මෙම තරගාවලිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න සහ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා විශයභාර සහකාර අධ්‍යක්ෂ සුසන්ත ප්‍රනාන්දු මහතාගේ මෙහෙයැවීම යටතේ පැවැතවිණි.