ආසියානු කුසලානයත් අරාබියට

2025 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට වැඩි ඉඩක්

International Cricket

1000

2025 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

ඒ අනුව අදාළ වාර්තාවන්හි දක්වා ඇත්තේ, අදාළ තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණ ද ඉන්දියා සහ පාකිස්තානය අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු හේතුවෙන් සහ ශූරයින්ගේ කුසලානයට ඉන්දීය පිල එක් නොවූ පසුබිමක පාකිස්තාන කණ්ඩායම ද ඉන්දියාවේ සංචාරය නොකරන නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි. කෙසේ වෙතත් අදාළ තරගාවලිය මධ්‍යස්ථ රටක් ලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් ද මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙත යෝජනා ඉදිරිපත්ව තිබිණි. කෙසේ වෙතත් මෙම නව තීරණයට අනුව අදාළ තරගාවලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව සඳහන්ය. 

මෙම නව තීරණයට අනුව 2025 ආසියානු කුසලානයේ තරග, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබු ඩාබි ජාත්‍ය්නතර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සාජා ජාත්‍ය්නරත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති බව ද අදාළ මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දක්වා තිබිණි. 

මෙවර ආසියානු කුසලානය විස්සයි-20 තරග රටාවට අනුව පැවැත්වීමට නියමිතව ඇති අතර 2026 විස්සි-20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙසින් එම තීරණය ගෙන තිබීම ද විශේෂත්වයකි. 

ඊට අමතරව ආසියානු කුසලානයට පෙර පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් එක්වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැළසුම් කර තිබීම ද විශේෂත්වයකි.