දෙවරක් ඔලිම්පික් රිටි පැනීමේ ශූරයා වු ස්වීඩනයේ මොන්ඩෝ ඩුප්ලෙන්ටිස් පසුගියදා ස්ටොක්හෝම් පැවැති ඩයමන්ඩ් ලීග් මලළ ක්‍රීඩා තරගාවලියේදී තවත් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීම කැපී පෙනිණි.
ඒ අනුව ඩුප්ලෙන්සිස් මෙහිදී බිඳහෙලනු ලැබූයේ මෙම වසරේ ප්‍රංශයේදී පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 6.27ක් තරණය කරමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාවකි. කෙසේ වෙතත් තමන් විසින්ම පිහිටවූ මෙම ඉසව්වේ ලෝක වාර්තාව ඩුප්ලෙන්සිස් විසින්ම බිඳහෙලූ 12 වැනි අවස්ථාව එය වීම විශේෂත්වයකි. මෙහිදී ඩුප්ලෙන්සිස් මීටර් 6.28ක උසක් තරණය කරමින් මෙම නව ලෝක වාර්තාවට හිමිකම් කීම කැපී පෙනිණි.
මාර්තු මාසයේ පැවති ලෝක ගෘහස්ථ ශූරතාවලියේ ජයග්‍රහණයෙන් සහ අප්‍රේල් අග දී වසරේ ලෝරියස් ලෝක ක්‍රීඩකයා සම්මානයෙන් පසු 25 හැවිරිදි ඩුප්ලාන්ටිස් සඳහා එය 2025 දීප්තිමත් වසරක් වශයෙන් සමරයි.
ස්ටොක්හෝම්හි පැවැති මෙම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම, 2023 ඔලිම්පික් ලෝක ලෝකඩ පදක්කම්ලාභී ඕස්ටේ්‍රලියාවේ කුර්ටිස් මාර්ෂල් මීටර් 5.90 ක වාර්තා කරමින් හිමිකරගත් අතර නෙදර්ලන්තයේ මෙනෝ ව්ලූන් (මීටර් 5.80) ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.
ඩුප්ලාන්ටිස් 2021 වසරේ දී ටෝකියෝ 2020 සහ පසුගිය වසරේ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේය . ඔහුගේ පැරිස් ජයග්‍රහණයට මීටර් 6.25 ක ලෝක වාර්තාවක් ද ඇතුළත් විය.